පරිගණකය හැදින්වීම


 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

පරිගණකයේ මූලික ආකෘතිය


නූතන පරිගණකයේ මූලික ආකෘතිය මෙය වන අතර ජෝන් වොන් නියුමාන් විසින් හඳුන්වාදී ඇත. මෙහි ප්‍රධාන කොටස් කිහිපයකින් පරිගණක පද්ධතිය ගොඩ නගා ඇත.
1. මධ්‍ය සැකසුම් ඒකකය
2. මතක ඒකකය
3. ආදාන/ප්‍රතිදාන ඒකක
4. පථ/බස්

මධ්‍ය සැකසුම් ඒකකය  CPU
මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මොලය හා සමාන කොටස වේ. දත්ත සැකසුම් ක්‍රියාවලියත්, උපාංග හා ක්‍රියාවලි පාලන කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ. ප්‍රථම මධ්‍ය සැකසුම් ඒකකය intel 4004  වන අතර එයින් හතරවන පරම්පාරාව ආරම්භ වී අදවන විට I3, I5,I7,I10 වැනි මධ්‍ය සැකසුම් ඒකක දක්වා සංවර්ධනය වී ඇත.
 
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය - එක් උපදෙසක් ක්‍රියාත්මක වීම සඳහා ගතවන කාලය (මෙය
 හෝරා ශීග්‍රතාවය ලෙසද හඳුන්වයි. MHz/GHz වැනි ඒකක වලින් මනිනු ලබයි.

මධ්‍ය සැකසුම් ඒකකයේ ධාරිතාවය - එක් උපදෙසක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යොමුවේ පළල වන අතර එය වදනක විශාලත්ව/පදයක විශාලත්වය(Word size) ලෙස හඳුන්වයි. මෙය බිටු වලින් මනිනු ලබයි.

මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3කි.
1. පාලන ඒකකය
2. ගණිතමය හා තාර්කික ඒකකය
3. රෙජිස්තර මතකය

පාලන ඒකකය Control unit
පාලන ඒකකය පරිගණකයේ ස්නායු පද්ධතිය හා සමානවේ. පරිගණකයේ උපාංග සහ ක්‍රියාවලීන් පාලනය කරනු ලබන අතර එය පාලන සංඥා හරහා සිදු කරයි. 

උදා:    මතක අවකාශයේ දත්ත ලියනවාද? කියවනවාද? යන්න /  ආදාන ප්‍රතිදාන ඒකක වලින් දත්ත ආදානය/ප්‍රතිදානය , දත්ත පථ සක්‍රීයකිරීම/අක්‍රීය කිරීම වැනි කාර්යයන් CU  පාලන සංඥා හරහා සිදුකරයි.

Comments

Post a Comment

Popular posts from this blog